Sunday, January 20, 2008

ඔබ් අතේ මුදල් තියෙනවාද?

ඇත්තටම හොඳ මැජික් කරන්නනම් ටිකක් විතර මුදල් යට කරන්න වෙනවා.

Penguin Magic - Revolver - Funny blooper videos are here
බලන්න. මේ සියල්ල කරන්න පුළුවන් මැජික් කට්ටල penguin magic වලින් මිලදී ගත හැකියි. M5 Kit http://www.magicshop.co.uk/product_info.php?products_id=1616 එක ගත්තොත් නම් David Blaine කරන ආක‍රයේ street magic විශාල ගණනක් කළ හැකියි.

මේකත් බලන්න David Blaine කළු ජාතිකයාගේ අත්දෙක සොලවන අතර තුර ඔහුගේ වම් අතේ තිබුණු අත් ඔරලෝසුව ගලවා ගන්නා ආකාරය නිරීක්ෂණය කරන්න.

Friday, January 18, 2008

razor blade එකක් ගිලීම.


මැජික් කාරයෙක් වුනාම ඕන දෙයක් කන්න පුළුවන්. ඔන්න දැන් බඩගිනි වුනාම බ්ලේඩ් තලයක් වුනත් කතැහැකි. :)

මෙය street magic ගණයට වැටෙන මවාපෑමක්. ඒකියන්නේ ඕනෑම තැනක කල හැකියි. ප්‍රේක්ෂකයන් ඔබ් වටේ ඕනෑම තැනක සිටිය හැකියි. වඩා වැදගත්ම දෙ වන්නේ. ප්‍රසිද්ධියේ නෝන්ඩිනොවී බේරීමයි. එක්තරා මැජික් ශිල්පියෙක් බ්ලේඩ් තලයක් කනවා දැකලා තමයි මේක ගැන අදහස පහල වුනේ. ඔහු ඒතැනදී කලේ ඉතාමත් සුළු මවා පෑමක්.මේ එය මා තේරුම් ගත් ආකාරයයි. නමුත් මෙහිදී එය තවත් දුරටත් දියුණු කරා. ප්‍රේක්ෂකයන් භීතියට පත් කල හැකි ආකරයට.

මවැපෑම(Illusion)
තමා සතු බ්ලේඩ් තල කීපයක් ප්‍රේක්ෂකයනට පෙන්වයි. තමා මේවා ආහරයට ගන්නා බවත්. කිසිම විටක මෙය සිදුකිරීමට උත්සහ නොකරන ලෙසත්. තමා මේ සඳහා දීර්ඝ කාලයක් පුහුණුවූ බවත් පවසයි. සියළුදෙනා ඉදිරි පිට එකින් එක මුවතුල රුවා ඉතාමත් අපහසු අකාරයේන් ගිල දමයි. මෙසේ ගිලින අතර තුර ශිල්පියාගේ මුව තුලින් ලේ ගලයි.(නරඹන්නන් අතර සිටි තරුණියක් සිහිනැතිව බිම ඇද වැටෙයි.) මෙසේ ආහාරයට ගත් බ්ලේඩ් නැවත වමාරන බව පවසා. ඒ සඳහා බ්ලේඩ් තල බිලී බෑමට නූල් කැබැල්ලක් මුව තුලට දමයි. ඉන් පසු මුවින් එලියට ගන්නා නූල් කැබැල්ල සමග අහාරයට ගත් සියළුම බ්ලේග් තල එම නූලට ඇමිණි මුවින් පටතට ඉතා සීරුවෙන් එලියට ගනී. කට තුල සිදුවූ තුවාල සඳහා‍ විශ්ෂ මැජික් පානයක් කිරීමෙන් අනතුරුව මුව තුල ඇති සියළු තුවාල සුවවේ.

පෙර සූදානම

සුපර් මාකට් එකට ගිහින් හොඳට කැපෙන බ්ලේඩ් තල 5ක් පමණ ගන්න. (අම්බෝ!)

සුපර් මාකට් එකට ගිහින් ෆොයිල් එකක් ගන්න.

එය බ්ලේඩ් තලයක් ආකරය කපා ගන්න. :O (දැන් තේරෙනවා නේද? කමක් නෑ කියවගෙන යන්න)

ඒ ආකරයේ බ්ලේඩ් තල පහක් තනන්න.

මේ ආකරයේ බොරු බ්ලේඩ් තල කලින් මිලදී ගත් බ්ලේඩ් තලය ආකරයටම සකසා ගන්න.

මිලදී ගත් සත්‍ය බ්ලේඩ් තල වල ඇති වෙලඳ නාම මකන්න.(ටිනර් දාලා බලන්න මැකේවී.)

ලේ සඳහා සුදුසු ආකරයේ වර්ණකයක් යොදා ගන්න. ගිලීමෙන් හානියක් නොවන coloring වර්ගයක් වඩාත් සුදුසුයි.

වර්ණකය අඩංගු කුඩා ‍සෙලෝපින් බුබලක් සදාගන්න.

අඩියක් පමණ දිග Twine නූලක්.

එම නූලේ මිලදී ගත් සත්‍ය බ්ලේඩ් වැලැක් ආකරයට සම්බන්ධ කරන්න. (එක කොනකට බර වෙන්න මෙවා අමුනන්න මතක තියාගන්න)

දොඩම් යුෂ වීදුරුවක්.

කරන ආකාරය
තමා සතු බොරු බ්ලේඩ් තල කීපය ප්‍රේක්ෂකයන්
ට පෙන්වයි. කිසිම විටක මේවා ඇල්ලීමට ප්‍රේක්ෂකයන්ට නොදෙන්න. ‍‍ෆොයිල් වලින් හදලා තියෙන නිසා ඇත්ත එකක් වගේම දිලිසේ. කිසිම විටක මේවා බොරු බව ‍ප්‍රේක්ෂකයා නොසිතනු ඇත. තමා මේවා ආහාරයට ගන්නා බවත්. කිසිම විටක මෙය සිදුකිරීමට උත්සහ නොකරන ලෙසත්. තමා මේ සඳහා දීර්ඝ කාලයක් පුහුණුවූ බවත් පවසන්න. සියළුදෙනා ඉදිරි පිට එකින් එක මුවතුල රුවා ඉතාමත් අප හසු අකාරයේන් ගිල දමන්න. ‍ඔව් මේ අවස්ථාවේ ඔබට ෆොයිල් බ්ලේඩ් තලය කන්න වෙනවා නැතිනම් ප්‍රේක්ෂකයන්ට නොපෙනෙන සේ හොඳින් හපන්න. එවිට මෙම ෆොයිල් කැබැලි මුවතුලම සඟවා ගත හැක ආකරයට ඉතා කුඩ කැබලි බවට පත්වේ. මෙසේ බ්ලේඩ් ගිලින අතර තුර තමා කලින් සිටම මුවතුල රුවා සිට වර්ණකය සහිත සෙලෝපින් බුබුල සපන්න. නැතිනම් බ්ලේඩ් තල මුවට දමන අතර තුර බ්ලේඩ් තලයක යට සඟවා තිබූ වර්ණකය සහිත සෙලෝපින් බුබුල මුවතුලට දමා සපන්න. එවිට වර්ණක කෙල සමග මිශ්රරවෙන්නට ඉඩ හරනින. තමාට වූ අත් වැරදීමක් නීසා ලේ වහනය වූ බවක් හැ‍විඟෙන සේ මදක් අපහසු තාවයට තමා පත් බවක් පෙන්වන්න. තමා මෙවැනිදේට සූදානම් වූ බව පවසා මැජික් පානයක් කියා දොඩම් යුෂ පානය කරන්න(කොකා‍කෝලා වුනත් කමක් නෑ). නැතිනම් ‍ඒ මැජික් පානයෙන් මුවා ‍දොවා එවා ඉවතට දමන්න. මෙසේ ඉවත් කිරී‍මේදී මුවතුල සඟවා තිබූ කුඩා ෆොයිල් කැබලි එලිට දැමීමට අවස්ථාවක් ලැබේ.

ඔබට කැමතිනම් මේ මවාපෑම මෙතනින් නැවැත්විය හැකිය. තව දුරටත් දියුනු කරීමට අවශ්යී නම් පහත ලෙස කරන්න. නමුත් පහත කොටස් කිරීමට යාම සත්ය වශයෙන්ම අනතුරුදායක විය හැකියි.

මෙසේ ආහාරයට ගත් බ්ලේඩ් නැවත වමාරන බව පවසා. සත්ය‍ බ්ලේඩ් අමුනා ඇති Twine නූල මුව ‍තුලට දමන්න. මෙ‍හිදී එම නූලේ කෙලවරක සත්ය බ්ලේඩ් අමුනා ඇතිවග ප්‍රේක්ෂකයාට නොපෙනෙන සේ මුව තුල රුවා ගැනීම ඔබගේ වගකීම වේ. ඔසේ ම සත්යි බ්ලේඩ් තල බැවින් මුව ට රුවාගැනීමේ දී පරික්ෂා කරී විය යුතුයි. (ඇත්තටම දක්ෂ මැජික් ශිල්පියෙක් කියන්නේ මෙවැන්නක් ඉතා සාර්තකව කල හැකි කෙනාටයි) ඉන් පසු සීරුටව්න එම නූලේ අනික් කෙලවරින් අල්ලා මුවින් එලියට අදින්න. (බ්ලේඩ්තල නූල හා සම්බන්ද කිරීමේදී මෙසේ කිරීමට පහසුවනසේ අමුණන්න)

පසුසටහන
මෙම මවැ පෑම සඳහා ෆොයිල් බ්ලේඩ් වෙනුවට විශේෂයෙන් සකස් කරන ලද දිලිසෙන බ්ලේඩ්තල හැඩයේ chocolates භාවිතා. කල හැකිය. නමුත් සපයා ගැනීම අපහසුයි.

පසු පසුසටහන෴
මැජික් කියන්නේ මිනිසා මොඩයාට ඇන්දීමේ කලාවක් නොව. මිනිසා මොඩයාට ඇඳගැනීමට ඉඩ දීමේ කලාවකි. දුටුවනම නිගමන වලට බැසීම සාමාන්‍ය මිනිසාගේ ස්වභාවයි. මැජික් මෙයින් උපරිම ප්රියොජන ගන්නා කලාවකි. මෙම මවාපෑමේදී සිදුවන එකම දෙය දිලිසේන බ්ලේඩ් තල හැඩයේ සියල්ල බ්ලේඩ් තල ලෙස වරදවා වටහා ගැනීම වේ. එසේ නොවුනිනම් මෙතෙන පුදුම වන්නට දෙයක් නැත. ඒනිසා ඔබ මැජික් නරඹා පුදුම වන සෑම විටම ඔබ මොඩයෙකුට ඇඳගෙන හමාරය. උපතින්ම මෙවැනි ‍දේ දුටු වහා එය සිදුකරන ලද ආකරය අනුමාන කිරීමේ හැකියාවක් මට තිබුනා. ඒනිසා මට ගුරුවරයෙක් නෑ. එනිසා කාටවත් එය කියා දීමට මට බාධාවක් නෑ. ඉතාමත් නිර්මාණශීලීව. සිතා ගැනීමට අපහසු ලෙස නව ක්‍රම සොයා ගැනීම මෙම ශිල්පයේ පැවැත්මට තිබිය යුතුයි. එකම බොරුව හැමදාම පේන්නලා මිනිස්සුන්ගේන් සල්ලි ගන්න එක හරිනෑ. අළුත් බොරුවක් පෙන්නමු෴
:

Wednesday, January 16, 2008

ආරම්භක සටහන

දැකල තියෙනවද මැජික්?
අයියෝ කව්ද මැජික් දැකල නැත්තේ.
දන්නවද මැජික් කරන්න?
ඕවා ඇස් බැන්දුම්.
ඒ කියන්නේ ඔයා දන්නවද කරන හැටි?
නෑ ඒත් එහෙම තමයි මමත් අහල තියෙන්නේ. එවා කාටවත් කියලා දෙන්නේ නෑ රහස්.
- ......

මැජික් ගැන බෙහෝදෙනෙක් තුල තියෙන්නේ මෙවන් මතයක්. කෙහොම වුනත් මම දැන් හදන්නේ මැජික් කියල දෙන්න. කැමතිද?

මොනවද කියලා දෙන්න හදන්නේ ගිනිපෙට්ටියේ ගිනි කූරු නැති කරන හැටිද ඕවා නම් අපිත් දන්නවා?

නෑ නෑ. අ‍හසේ කාඩ් පා කරන්න අහසේ ඉ‍ගි‍ල්ලෙන්න අලියෙක් අතුරු දරහන් කරන්න තව සල්ලි මවන්න එ‍් ‍වගේ දේවල්.

මැජික් ශිල්පය සම්පූර්ණයෙන්ම වගේ රැඳිල තියෙන්නේ රහස් මත. මම ඔබට යෝජනා කරනවා බලලා නැතිනම් The Prestige කියන film එක බලන්න. එහෙනම් අපිනොදන්න මැජික් සමග රැඳී සිටින්න. ඉදිරියේදී වෙලාව ලැබෙන හැටියට එකින් එක පියවරෙන් පියවර ඉදිරියට යමු.