Sunday, February 3, 2008

අළු ප(ච්)චේ

මවැපෑම(Illusion) :

ප්‍රයෝග කරු තමා අත ඇති කාඩ් පැක් එක හොඳින් මිශ්‍ර කරයි. එහි ඉහළම ඇති කාඩ් එක ප්‍රේක්ෂකයෙක යන් අතරින් කෙනෙකුට ගන්න කියයි. එය තමාට නොපෙන්වා අනෙක් ප්‍රරේක්ෂකයන් හට පෙන්වන්න යැයි දැනුම් දෙයි. ප්‍රේක්ෂකයා එසේ කළ පසු එය ගිනි තිබන්න යැයි කියයි. එය ගිනිගත් පසු එහි අළු ප්‍රයෝග කරු තමාගේ භාහුවේ තවරයි. ප්‍රේක්ෂකයා ගත් කාඩ් එකේ වංශය සහ අංකය ප්‍රයෝග කරුගේ ‍භාහුවේ සටහන් වේ.

කරන ආකාරය :

කාඩ් පැක් එකක් මිශ්‍ර කරන තුර එකම කාඩ් එක උඩට එන ලෙස එය කිරීම ඉතා පහසුය. මීට කලින් ලියූ ලිපියේ (
ඔබ් අතේ මුදල් තියෙනවාද?) ඇති වීඩියෝ එකේ සිටින පුද්ගලයා මුල කොටසේදී කරනලද්දේ එකම card එක අවසානයට සිටින සේ මිශ්‍ර කිරීමයි.

මෙම අවස්ථාවට සහභාගී වීමට ප්‍රතම සබන් කෑල්ලකින් හෝ වැක්ස් වර්ගයකින් කැමති කාඩ් එකක අංකය වංශය සමග තම භාහුවක ලියාගන්න.(මෙසේ ලියුවාට එය නොපෙනේ) ඉන්පසු කාඩ් පැ‍ක්‍එකේ අනිකුත් කාඩ් අතරින් කුමණ ආකාරයකින් හෝ ප්‍රරේක්ෂකයාට එය ලැබෙන ආකාරයකට ප්‍රයෝගයක් කිරීම ඔබ සතුය. එයට මුලින් කී ක්‍රමයද භාවිතා කල හැක. එකියන්නේ තමා නොබැලූබව පෙන්වූවාට එය තමා කලින් අතේ ලියා ගත් කාඩ්එක ප්‍රෙක්ෂකයා අතටපත් කලයුතුය. ඉන්පසු එම කාඩ් එක ගිනිතියා එහි අළු අතේ ගෑවිට කලින් ඔබ එතේ ලියු දෙය අළු නිසා පෙනේ. මෙය දුටුවන් ඉතාමත් පුදුම වන බව ඔබටම දැක ගන්නට ලැබේවී.

තවත් ක්‍රමයක් :
ඔබට හොඳ හැකියාවක් තියෙනම්. ප්‍රරේක්ෂකයෙකුට කැමති යමක් ‍කොලයක ලියන්න යැයි පවසන්න(කාටත් පෙනෙන සේ) ‍එය ඔහු/ඇය ලියන අතර තුර කාටත නොපෙනෙන සේ ඔහු/ඇය විසින් ලියන දෙය එවිටම වැක්ස් මගින් ඔබේ අතේ ලියන්න. ඉන්පසු එම කොලය ගිනිතබා එහි අළු ඔබේ අතේ තවරන්න. මෙය කලින් ක්‍රමයට වඩා විශ්‍මය ජනක වනු ඇත.